2008-04-14

ආයුබෝවන්

බ්ලොග්කරණය සෑහෙන කලක සිට කලත්, සිංහල බ්ලොග්කරණයට ආවේ අද තමයි.
සිංහලෙන් බ්ලොග්කරණය ඇරඹීමට බොහෝ කලක සිට අවශ්‍යව තිබුනත්, ඊට ආසන්න හේතුවක් ලබාදීම වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට බොහෝ තුති!!! ඔන්න මමත් දැන් මැරතන් දුවන්න ලෑස්තියි. බ්ලොග් නාමය පිළිබඳ ඇතිවු විචිකිච්ඡාව දුරුකරගැනීමට ආනන්දවර්ධන සහෝදරයාගෙන් ලැබුනු සහයෝගයටත් ස්තූතියි! මෙම බ්ලොගය පිළිබඳ ඔබ දකින අඩුපාඩු (විශේෂයෙන්ම අක්ෂර වින්‍යාසයේ වැරදි පවා) නොපැකිල පෙන්වා දෙනමෙන් ඉල්ලා සිටිමි.

1 comment:

Anandawardhana said...

අනර්ඝයි! අලුත් බ්ලොග් අඩෙවියට මගෙනුත් සුබ පැතුම්!! :-)

කෙලින් කිව්වොත් මට අනුව නම් ඔබ පාඨකයින් ගෙන් ඉල්ලන්නේ වැරදි ඉල්ලීමක්. ලියන දේවල් ගැන ප්‍රතිචාර ඉල්ලුවා නම් මීට වඩා ගොඩක් හොඳයි, තේරුමක් තියෙනවා.

බ්ලොග් අඩෙවියක හෝ යම් ලිවීමක වැරදි අඩුපාඩු පෙන්වීම හැටියට විතරක් නෙමෙයි පොත්පත් සාහිත්‍ය විචාර හැටියටත් අපේ රටේ තාමත් කෙරෙන්නේ සහ ගොඩක් අය අපේක්ශා කරන්නෙ අක්ශර වින්‍යාස වැරදි අල්ලන එක තමයි. වියාකරන වැරදියි අක්ශර වින්‍යාස වැරදියි සාකච්ඡා කිරීම ලිපිලේඛන ගැන දෙන විචාරයක්, ප්‍රතිචාරයක් හැටියට සැලකෙන එක ඛේදචාචකයක්. ඒක තවත් අතකින් ටිකක් හිනා යන වැඩක්.
මගේ නම් යෝජනාව ලියන දේවල් ගැන, බ්ලොග් එකේ අන්තර්ගතය ගැන පාඨක අදහස් උදහස් ලබා ගැනීම ඊට වඩා වැදගත් බවයි. ඔය අනවශ්‍ය මූර්ධජ උරචක්කරමාලයෙන් නිදහස් වෙන්න :D ලියන දේ ගැන හිතන්න. අකුරු නෙමේ වැදගත්.

http://webalochana.blogspot.com/2007/08/blog-post_15.html

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help