2008-06-24

අසම, සම-නිවුන්නු

very interesting indeed Originally uploaded by joyrex
සම නිවුන්නුන් සර්ව සම නොවේද? දෙමාපියන්ගේ වර්ණදේහ (chromosome) එකතුවී සැදෙන එකම යුක්තාණුවක් (zygote) දෙකඩ වීමෙන් හටගන්නා මෙම සම නිවුන්නු, එකම ගොනොමයක් (genome) උරුමකර ගනිති. නමුන් ඔවුන් දක්වන වෙනස්කම් පාරිසරික හේතු සාධක වල බලපෑම් බැව් පිලිගැනීම වේ. උදාහරණයක් ලෙස නිවුන් යුවලකින් එක් අයකුට පමණක් පාර්කින්සන් රෝගය (Parkinson’s disease) වැලඳීම. නමුත් University of Alabama හි Carl Bruder ඇතුළු පිරිස ඒකයුක්තාණුක (monozygotic)සම නිවුන් යුගල 19ක ගොනොම අධ්‍යයනයෙන් නිරීක්ෂණය කර ඇත්තේ ඉතා කුඩා වෙනස්කම් එම DNA අතර පවතින බවයි. මෙසේ වෙනස්කම් ඇතිවනුයේ copy-number-variation මඟින් වන අතර, එහිදී DNA ඛණ්ඩ මැකීයාමක් හෝ අමතර පිටපත් ඇතුළු වීමක් සිදුවේ. එහිදී එම DNA ඛණ්ඩයක පිටපත් 0 සිට 14 දක්වා සංඛ්‍යාවක් තිබිය හැකිය. මෙම සොයාගැනීම සමහර රෝගවලට අදාල ප්‍රවේණික සම්බන්ධතාවය සොයාගැනීමට උපකාර වනු ඇතැයි Bruder පවසයි. එමෙන්ම සම නිවුන් යුගල ප්‍රවේණිකව සර්ව සම යැයි සලකා සිදුකරනලද නිවුන් අධ්‍යයනයන්ට මෙම අධ්‍යයනයෙන් සිදුවන බලපෑම කෙසේද? නිවුන් යුගල් අතර පවතින විවිධ පාරිසරික වෙනස්කම් සඳහා ආකෘතිවල සිදුකරන සිරුමාරු කිරීම් ප්‍රවේණික වෙනස්කම් සලකාද එම ආකෘතිවල සිදුකල හැකිබව නිවුන් අධ්‍යයන සිදුකරන විද්‍යාඥයන්ගේ අදහසයි. අසම වූ සම-නිවුන්නු! වැඬිදුර කියවීම්:
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help