2008-04-19

දෛනික ජල අවශ්‍යතාව -2

සාමාන්‍යයෙන් දිනකට ජලය වීදුරු 8ක් බීමට අවශ්‍ය බව ඔබ අසා ඇති. එය ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගැනීමට හේතුවනු ඇති බව සාමාන්‍ය මතයයි. නමුත් University of Pennsylvania හි විද්‍යඥයන් සොයාගෙන ඇත්තේ එවැනි මතයක් ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි. ජලය නොමැතිව දිනකිහිපයකට වඩා මිනිසාට සිටිය නොහැකිමුත් මෙ පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ බොහෝ අඩුවෙනි. එම පර්යේෂණවලින්ද සෞඛ්‍යයට සිදුවන යහගුණ හෙලිනොවේ. එබැවින් දැනට දිනකට අවශ්‍ය ජල ප්‍රමානය නොදනී!!!

පරිණාමයේ පියා අන්තර්ජාලයේ

Charles Darwin පරිණාමයේ පියා ලෙස සැලකේ. ඔහුගේ ප්‍රසිද්ධ Galapagos සංචාරය හා අනෙක් සියලු අත්ලිපි (Manuscript), ප්‍රකාශන ඇතුලත් සම්පූර්න එකතුවක් අන්තර්ජාලයට එක්කර තිබේ. අධ්‍යාපනික සහ වෙළඳ නොවන කටයුතු සඳහා මෙහි අන්තර්ගතය නොමිලේම භාවිතා කළ හැක. Darwin Online

ශ්වේත රළ තරණය

ප්‍රථම වරට කිතුල්ගලදී ශ්වේත රළ තරණයට (White Water Rafting - දන්නා වෙන නමක් නොමැති බැවින් යොදා ගතිමි) සහභාගි වූයේ හිතේ ඇතිවු ලොකු චකිතයකුත් සමඟයි. සැඩපහරක කෙසේ වෙතත් නිසල දිය පහරකවත් ඔරුවක් පැද නැති අපට පලමු අත්දැකීම කිසිදා අමතක නොවනු ඇති. දෙවන වරටත් ශ්වේත රළ තරණයේ යෙදෙද්දී එතරම් බියක් නොදැනුනද එය සැමවිටම නවමු අත්දැකීමක් මෙන් වන බව පෙනින. පසු ගිය කළ ජීවිත කිහිපයක්ම බිලිගැනීමට තරම් කිතුල්ගල ශ්වේත රළ පහර නොපසුබට වූ බවද අමතක නොකළ යුතුය. මා ඡායාරූපයේ වම් පස ඉදිරි අසුනේ

වන්දා

Praying MantisPrating Mantis with pen for size comparisonබොහොම අහිංසක තාලෙට දෑඟිලි බැඳගෙන වැඳගෙන හිටියත් විලෝපිකයෙක්. වෙනත් කෘමීන් ආහාරයට ගනියි. ඉදිරි ගාත්වල ඇති තියුනු කණ්ඨක මඟින් අඩපනකරනු ලබන ගොදුර ආහාරකොට ගනියි.

නිර්වින්දනය-5

සෞෂුම්න නිර්වින්දනය ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමිවන්නේ August Bier (1861-1949)ටය. ඔහු 1898දී රෝගීන් සයදෙනෙකුට නිර්වින්දනය ලබාදීමෙන් පසු තමාට සහ තම සගයා වන Dr. Hildebrandtටද සෞෂුම්න නිර්වින්දනය ලබාගත්තේය. එහිදී ප්‍රථමයෙන් Bierට, Hildebrandt විසින් නිර්වින්දනය ලබා දීමට උත්සාහ කළ අතර, එහිදී සෞෂුම්න අවකාශයට අවතීර්න වුවද උපකරණ නොගැලපීම නිසා ඔහුට නිර්වින්දනය ලබාගත නොහැකිවිය. ඉන් පසු Hildebrandtට,Bier විසින් නිර්වින්දනය ලබාදෙන ලදී

නිර්වින්දනය-4

Dr. Rudolph Matas

සෞෂුම්න නිර්වින්දනය යනු මස්තිෂ්ක-සුෂුම්නා තරලයට ඖෂධයක් ඇතුලු කිරීම මඟින් ශරීරයේ කොටසක් පමනක් නිර්වින්දනයට පත් කිරීමයි. මෙය මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 1888දී, Leonard Corning (1855-1923) විසිනි. එහිදී භාවිතා කළ ඖෂධය වූයේ කොකේන්ය. එය සිදුවුයේ අහම්බයකිනි. නමුත් ඊට දශකයකට පසු 1899දී , Dr. Rudolph Matas විසින් කලින් සැලසුම්කර සෞෂුම්න නිර්වින්දනය ලබා දෙනලදී.

නිර්වින්දනය-3

මම දවසක් හදිසියේම නුපුරුදු උපකරණයක් දැක්ක ශල්‍යාගාරයේදි. මඳක් සොයාබැලුවිට පෙනී ගියේ 1890දී පමන Curt Schimmelbusch හඳුන්වාදුන් Schimmelbusch Mask නම් උපකරණයයි. එය ඊතර මෙන්ම chloroform ද භාවිතයෙන් නිර්වින්දනය ලබා දීමට භාවිතා කර තිබේ.

නිර්වින්දනය-2

William Morton සතුන්ටද, තමාටමද ඊතර නිර්වින්දනය ලබා දී අත්හදා බැලුවේය. ඔහු, Baltimore College of Dental Surgeryහි ශිෂ්‍යයකු ලෙස සැලකුනද පරීක්ෂණ වලින් පෙනීගොස් ඇත්තේ ඔහු කිසිදු වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය විද්‍යාලයකට ඇතුලු වු බවට වාර්තා නොමැති බවයි. Morton ඊතර නිර්වින්දනය ප්‍රචලිත කිරීමට මෙන්ම එහි අයිතිය දිනාගැනීමටද තම කාලය මිඩංගු කිරීම නිසා 1868, ජූලි 15දින මිය යන විට බංකොලොත්භාවය ලබා සිටියේය.

නිර්වින්දනය-1

මුල්කාලයේ ශල්‍යකර්ම සිදුකලේ කිසිම නිර්වින්දනයකින් තොරවය. මේ ගැන අවධානය යොමුකල දන්ත වෛද්‍ය William Morton (1819 - 1868), ඊතර භාවිතයෙන් නිර්වින්දනය කිරීම Massachusetts General Hospitalහිදී 1846, ඔක්තෝබර් 16දින Edward Gilbert Abbott නර්වින්දනය කිරීමෙන් ඔප්පුකර පෙන්වූයේය.

අන්ධ රියදුරන්

GPS තාක්ෂණය අන්ධ ලෙස රථ පැදවීමට භාවිතා කරන රියදුරන් නිසා මහත් අලාභහානි සිදුවන බව පෙනෙන්නට තිබේ. GPS උපකරණ මතම යැපෙන රියදුරන්, මාර්ග සංඥා ආදිය ගැන අවධානය යොමු නොකිරීම නිසා දේපලවලට මෙන්ම වාහන සහ ජීවිත වලටද බොහෝ තර්ජනයක් එල්ලවී ඇත.

ලංකා දුම්රිය කෞතුකාගාරය

පසුගිය දිනෙක මට අපූරු වෙබ් පිටුවක් හමුවවිය. ඒ ලංකා දුම්රිය කෞතුකාගාරයයි
වසර 2000දී පමණ අරඹන්නට ඇතැයි අනුමාන කළහැකි මුත් තවම වැඩ අවසන් නැති සෙයක් පෙනේ. සිංහල අකුරු සඳහා Images භාවිතාකර ඇත. නිමකර ඇති ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් පිළිබඳ පිටුවල ඉතා අගනා තොරතුරු රාශියක් ඇත.

වෛරයන් වෛරය නොසන් සිඳේ

Vanderbilt Universityහි කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ කළහකාරී හැසිරීම්, Dopamine නමැති ස්නායුසන්නිවේදකය නිකුත්වීම උත්තේජනය කරන බවයි. Dopamine සංතෘප්තිය ඇතිකිරීමට හේතුවන ස්නායුසන්නිවේදකයකි. මෙම පර්යේෂණයේදී මීයන් ගේ කලහකාරී හැසිරීම් නිරීක්ෂණය කරන ලදී. මීයන් ගේ කලහකාරී හැසිරීම් Dopamine අනුග්‍රාහකය (receptor) අක්‍රීය කරන ඖෂධයකින් අඩුකරන බවද නිරීක්ෂණය කරන ලදී. Aggression Is Its Own Reward

වයස වසර 405යි

ලෝකයේ වයස්ගතම සත්වයා හමුවේ. Quahog වර්ගයට අයත් මට්ටියකු වන උගේ වාර්ෂික වලලු ගැනීමෙන් වයස නිර්නය කර තිබේ. එය වසර 405කි. අයිස්ලන්තය අසල සාගරයේ 80m ගැඹුරින් ඌ ගොඩගෙන ඇත. දැනට Guinness වාර්තාව උසුලනුයේද එම වර්ගයේම වසර 220 වයසැති Quahog මට්ටියෙකි.

නියඟලා-2

නියඟලා ශාකයේ ඇති විෂ වන්නේ Colchicineය. එය ඇල්කලොයිඩයකි. එහි මාරාන්තික විෂ මාත්‍රාව වෙනස් විය හැක. විෂවීමේ ලක්ෂණ පැය 6 -12කට පසු ඇතිවේ. එම ලක්ෂණ නම්, උදර වේදනාව ඔක්කාරය/ වමනය පාචනය ලේ ගැලීම් වලිප්පුව (Convulsion)/ අධිමුර්ඡාව (coma) වහාම රෝගලක්ෂණ සමනය කිරීමට ප්‍රතිකාර කළ යුතුය මෙය Gout, Familial Mediterranean Fever වැනි රෝග කිහිපයකට ඖෂධයක් ලෙසද භාවිතා කෙරේ

නියඟලා-1

අපේ ගෙවත්තේ තිබු නියඟලා වැලක මල් පිපින. නියඟලාහි විශේෂත්වයක් වන්නේ එහි පත්‍ර දාරය පහුරක් ලෙසට විකරණය වී තිබීමයි. විද්‍යාත්මක නාමය:Gloriosa superba ඉතා අලංකාර පුෂ්ප තිබුනද මෙම ශාකයේ සියලුම කොටස් විෂ සහිතය. මතු සබැඳි...

දෛනික ජල අවශ්‍යතාව -1

සෞඛ්‍යමත්ව සිටීමට අප දිනකට ජලය කොපමන ප්‍රමානයක් පානය කල යුතුද?

කරුණාකර ඔබේ පිළිතුර pollඑකේ ලබා දෙන්න. පිළිතුර පසුව...

නිදි මතට තිත.

මුලු රෑම මැරතන් දුවලා නිදිමතේ ඉන්න හැමෝටම ඉතා සුදුසු Gadget ද්වයක් මට හමුවුනා. මෙම උපකරණ ද්වයේම ක්‍රියාකාරිත්වය බොහෝදුරට සමානයි. ඒවා කණට පිටුපසින් පැලඳියයුතු අතර, හිසෙහි කේණය වෙනස්වු විට, එනම් නිදිකිරා වැටුනු විට ක්‍රියාත්මක වේ.

Wake-up Angel $19.50

තරබාරුවේ විශම චක්‍රය

උදරයේ මේදය ඔබ තවතවත් කුසගිනි කිරීමෙන් එය විශම චක්‍රයක් ලෙස තවතවත් තරබාරුවීමට හේතුවිය හැකි බව University of Western Ontarioහි සිදුකල පර්යේෂණයකින් සොයාගැනේ. මෙයට හේතුවනුයේ Neuropeptide Y නමැති හෝමෝනයයි. මොලයෙ පමනක් නිපදවෙතැයි සිතා සිටි මෙය, උදරයේ මේද සෛලවලින්ද නිපදවන බව සොයාගැනේ. උදරයේ මේද සෛල ගුණනය නොවුනද, Neuropeptide Y මඟින් මේද සෛලවල පූර්වග (Precursor) සෛල ගුණනය උත්තේජනය කරයි.

තරබාරුව අඩු කිරීමට

තරබාරුව අඩු කිරීමට නවතම මෙවලමක්... ජපානයේ Yumetai ආයතනයෙන් උදව්වක්... මෙම නිල් පැහැති අව්කණ්ණාඩි ආහාරයට ගෙන එන්නේ අප්‍රියජනක පෙනුමක්. එය ආහාර රුචිය අඩුකිරීමට හේතුවනු ඇතැයි ඔවුන් පවසයි.

සුනාමිය-2

අවස්ථාව: 2004 සුනාමියෙන් පසු පැවැත්වු සෞඛ්‍ය සායනයක් ස්ථානය: වේරුගල් වේරුගල් ආරුහි පාලම් පාරුව

වේරුගල් ආරුහි පාලම් පාරුව (රවුම් කර) Google Map

අහෝ SLT ADSL

SLT ADSL එනවා යනවා effectඑකට අමතරව පරිගණකයත් ඇනහිටිය. හරි, හරි, ඔහොම යං, ඔහොම යං...

සුනාමිය-1

අවස්ථාව: 2004 සුනාමියෙන් පසු පැවැත්වු සෞඛ්‍ය සායනයක් ස්ථානය: සෛන්දමරුතු රෝහල අන්තශ්ශෛරික (Intravenous) ආවිලයිත (Infuion) කට්ටලයක්, රෝගියාට ඇලවු පැලැස්තරයද සහිතව (රවුම් කර) ගසක පැටලී රෝගියා...?

2008-04-18

විලෝපික පක්ෂියා

කොණ්ඩ කුරුලු පවුල ඉගිලී ගිය පසුත් මම කුරුලු කුඩුව ගැන අවධානයෙන් පසුවුනේ විලෝපික පක්ෂියා නැවත දිනෙක එනු ඇතැයි බලාපොරොත්තුවෙනි. මට වැඩි දිනක් එසේ සිටීමට සිදු නොවීය. දිනක කුඩුව දෙසින් ශබ්දයක් ඇසී බැලූ විට ඉතා දැකුම්කලු පක්ෂියෙක් දැකගත හැකිවිය. අලු-නිල් මිශ්‍ර වර්ණයකින් යුතුවිය. නම: කුරුලු ගොයා Shikra විද්‍යාත්මක නාමය: Accipiter badius විලෝපික පක්ෂියෙකි. දකුණු ආසියාවේ හා අප්‍රිකාවේ සහරාවට දකුණෙන් දක්නට ලැබේ.

ප්‍රථම පියාසැරිය

කොණ්ඩ කුරුලු පැටියාගේ ප්‍රථම පියාසැරිය දකින්නට මා වාසනාවන්ත විය. උන් කොතරම් අපට පුරුදු වීද යත් ඡායාරූප ගැනීමට ලඟටම ගියද උන් එතරම් ගනන්ගත්තේ නැත.

ප්‍රථම පියාසැරිය

ගොඩබාන විදිය කියනවදෝ...

අහෝ

කොණ්ඩ කුරුල්ලන්ගේ මරලතෝනිය ඇහිල ම දුවගෙන එලියට ආවෙ අපේ බළල් තඩියා වැඩකට බැහැල ඇති කියලයි. කුඩුව ලඟට යනකොටම ලොකු කුරුල්ලෙක් ඉගිලුනා. යමක් වැටුනු නිසා පරීක්ෂා කරනවිට දුටුවේ කොණ්ඩ කුරුලු පැටවකු බවයි. අනෙක් පැටවුන් දෙදෙනා විලෝපික පක්ෂියා ඩැහැගෙන ගොස් ඇතිබව පෙනේ. පැටවා ආපසු කුඩුවෙන් තැබුවත් කුරුලු දෙමව්පියන් එදින රාත්‍රියේ කුඩුවට ආවේ නැත. නමුත් උන් දුර සිට විමසිල්ලෙන් සිටිනු පෙනුනි.

කොණ්ඩයා

නම: කොණ්ඩයා Red vented Bulbul විද්‍යාත්මක නාමය: Pycnonotus cafer ආසියාවේ පකිස්ථානයේ, ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ හා නිරිතදිග චීනයේ ආවේනික පක්ෂියකු වන අතර පැසිෆික් දූපත් කිහිපයකට හඳුන්වාදී ඇත. වැඩිදුර කියවීම් සඳහා... මතු සබැඳි...

කුරුලු පැටවු

දිනක් උදෑසන රුකියාවට යාමට සැරසෙද්දී කුරුලු පැටවුන්ගේ කීචි බීචි හඬක් දොරකඩින් ඇසින. රුකියාවට ගොස් ආපසු පරීක්ෂාකිරීමේදී දැකගන්නට ලැබුනේ කුරුලු කූඩුවක ගුලිවී සිටිනා කුරුලු පැටවු තිදෙනෙකි. කුරුලු කූඩුව කොල අතර හොඳින් සැඟවී තිබින. කඩිමුඩියේ උන්ගේ දෙමව්පියන් උන්ට මාරුවෙන් මාරුවට කෑම කවනු දක්නට ලැබුනි. ඒ කොණ්ඩ කුරුල්ලන් ජේඩූවකි.

පැටවුන්මත වසා සිටින කුරුලු මව

කොණ්ඩ කුරුලු ජේඩූව

මතු සබැඳි...

ප්‍රතිපූතිකරණය-4

Semmelweis ඔහුගේ සොයා ගැනීම පොතක් "The aetiology, understanding and prevention of childbed fever" (Die Ätiologie, der Begriff und die Prophylaxis des Kindbettfiebers) වශයෙන් 1861දී පලකළේය. එය හංහංගේරියානු රජය පිළිගත්තද, Viennaහී වෛද්‍යවරුන්ගේ විවේචනයට බොහෝ සේ ලක්විය. Viennese Medical Journalහි කතුවැකියේ "ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් දෑත් සේදිමේ විකාරය නැවැත්විය යුතුයැ"යි සඳහන් විය. 1865දී මානසික රෝහලකදී මහු මරණයට පත්විය. එක් මහාචාර්යවරයකු හා ඔහුගේ ගෝලබාල පරපුර නිසා වලැක්විය හැකිව තිබු මරණ රාශියක් නිරපරාදේ සිදුවිය. වටිනා සොයාගැනීමක් තවත් වසර 20කින් පමාවිය

ප්‍රතිපූතිකරණය-3

මෙම නිරීක්ෂණ වලින් පසු ඔහු නීති කිහිපයක් පැනවූයේය.
  • සියලු දෙනා රෝගීන් පරීක්ෂාවට ප්‍රථම ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් දෑත් සේදිය යුතුය
  • සියලු උපකරණ ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් සේදිය යුතුය
මරණ අනුපාතිකය ඉක්මනින්ම 2%ට අඬුවිය. Semmelweisට මෙම සොයාගැනීම ඉහල නිලධාරීනට දැන්වීමට තරම් අවශ්‍යතාවයක්ද නොතිබින. නමුත් පසුව මේ ගැන දැනගත් මහාචාර්ය Klein ඔහු සේවයෙන් පහ කළේය. මතු සබැඳි...

ප්‍රතිපූතිකරණය-2

Ignaz Philipp Semmelweis, Viennaහි Lying-in රෝහලේ සේවය කරද්දී ඔහු නිරීක්ෂණය කළේ,
  • ඔහුගේ ඒකකයේ අනුප්‍රසූතික උණ (Puerperal fever) නිසා වන නවජසූති (neonatal) මරණ අනුපාතිකය 13% වන අතර එම රෝහලේම අනෙක් ඒකකයේ එය 2% පමණි.
  • ඔහුගේ ඒකකයේ දරුප්‍රසුති සිදුකළේ වෛද්‍යවරුන් හා වෛද්‍යසිසුන් වන අතර අනෙක් ඒකකයේ වින්නඹුවරියන් විසිනි.
  • වෛද්‍යසිසුන් ශවපරීකෂණ (autopsies) කිරීමෙන් අනතුරුව දරුප්‍රසූති සඳහා සහභාගීවන බව.
  • ඔහුගේ සගයකු වන Jakob Kolletschka පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුවු කැපීම් තුවාලයකින් මියගියේ ඉහත මරණ වලට සමාන රෝග ලක්ෂණ සහිතවය.
  • වීදියේ සිදුවු දරු ප්‍රසූති වල අනුප්‍රසූතික උණ ප්‍රතිශතය ඔහුගේ ඒකකයේ අගය සමඟ සැසඳෙන බව
මතු සබැඳි...

ප්‍රතිපූතිකරණය-1

ප්‍රතිපූතිකරණය සොයාගත්තේ කවුද? Joseph Lister? Joseph Lister, 1967 දී පමන එය විස්තර කලද, එයට වසර 20ට ප්‍රථම Ignaz Philipp Semmelweis (July 1, 1818 - August 13, 1865) විසින්ද ප්‍රතිපූතිකරණය සොයාගෙන තිබුනි. ඔහු Viennaහි Lying-in රෝහලේ , ප්‍රසවවේදී මහාචාර්ය Klein යටතේ සේවය කලේය. මතු සබැඳි...

රොබෝ වෛද්‍යවරයා

රොබෝ ද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවන කාලය වැඩි දුරක නොවන බව පෙනේ. මෙහි සිටින uBOT-5 නමැති රොබෝ යන්ත්‍රය වෙද නලාවක් භාවිතයට, කුඩා යමක් උසුලා ගැනීමට,වැටී ඇති පුද්ගලයකු හඳුනා ගැනීමට මෙන්ම හදිසි ඇමතුම් අංකයකට දුරකතන ඇමතුමක් දීමට තරම් හැකියාවකින් යුක්තයි. දැනට $65,000 පමන වන මෙය, ඉදිරියේදී මිල අඩු වනු ඇතැයි සැලකේ.

ගැටපදය

තන්තිරිමලේ විහාරයෙහි සීලිමේ තිබු මෙම සිතුවම පසුව දැනගත් පරිදි ගැටපදයකි. මෙහි ඇත්තේ තුණුරුවන් ගුණ කියවෙන ගාථා තුනකි. ඉන් පලමු ගාථාව හා එහි තේරුම පහත පරිදි වේ. සංසාර සාරෝඝ විනීත නීසං සංනීත සාතං සුචිසාර ධීසං සංධීර කං සොණ්ණ තනූපලාසං සංලාප දේසිං පන මෙ භිසාසං

ගාථා කියවනුයේ මෙසේය...

සසර නමැති සැඩ පහර හික්මවා නැවැත් වූවාවු, මනාකොට පමුණුවන ලද, සැප ඇති, අතිශයින් උත්තම වු ප්‍රඥාවක් ඇති, මනා ධෛර්‍යයක් ඇති, ශරීරය නමැති ස්වර්ණ පාත්‍රයක් ඇති, උතුම් දහම් දෙසනා නෙලුම් මලක් බඳු බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි මෙහිම ප්‍රසිද්ධ අනුරුවක් නුවර දළදා මාලිගයෙහි ඇතිබව කියවේ.
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help