2008-12-27

පෘථිවි උදාව

හිරුඋදාවත් සඳ නැග ඒමත් අපට හොඳින් දැක හුරුය. පෘථිවිය චන්ද්‍රයාට උදාවනු පලමුවරට මිනිසා දැක 40 වසරක් වුයේ පසුගිය 24දාටය. ඒ Apollo 8 හි ගගනගාමීන් වන Lovell, Borman සහ Anders. එය කලු-සුදු ඡායාරූපයකි.

Lively මරණය

Lively, Googleහි 3D චැට් සේවාවයි. අවාසනාවකට Google එය මරණයට නියම කර ඇත. දෙසැම්බර් 31 එහි අවසන් දවසයි. Lively මරණයට පෙර හැකිනම් වරක් එයට පිවිසී බලන්න. Lively වැසියෝ එය වසා දැමීමට විරුද්ධව අරගලයක් දියත්කර ඇත.
  • http://livelyzens.com
  • http://groups.google.com/group/livelyzens
Sunny Ranch ⇓ in Lively

සොරුන්ගේ දෙවියා

Hermes ග්‍රීකපුරාණයට අනුව දෙවිවරුන්ගේ දුතයාය. ඔහු ගොපල්ලන්ගේ, මගීන්ගේ, කවීන්ගේ මෙන්ම සොරුන්ගේ සහ සොරුන් හා බොරු කියන්නන්ගේ කපටිකමට අධිපති දෙවියාද වේ. ඔහුගේ යෂ්ඨිය නාගයන් දෙදෙනකු වෙලීසිටින දන්ඩය.

වෛද්‍ය විද්‍යවට අදිපති දෙවියා

වෛද්‍ය විද්‍යාවට අදාල ග්‍රීක දෙවියා Asclepiusය. වෛද්‍ය විද්‍යවට අදාල සුවවීමට අදිපති දෙවියා ඔහුය. ඔහු Apollo දෙවියාගේ සහ Thessalian රාජධානියේ රාජ කුමරිය වන Coronisගේ දරුවාය. මළ මිනිසුන්ට පණ ලබාදීම වෙනුවෙන් රන් ලබා ගැනීම නිසා උදහස් වු Zeus අකුණු පහරක් ගසා ඔහු මරාදැමුවේය. ඔහුගේ යෂ්ඨිය එක් නාගයකු වෙලීසිටින දන්ඩය.

බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ

බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කරන සලකුණ ඔබට මතකද? විවිධ තැන්හී එය භාවිතාකර ඇති අයුරු පිරික්සූ විට ප්‍රධාන වශයෙන් සලකුණු දෙකක් භාවිතා කර ඇතිබව පෙනේ. මෙම සලකුණු දෙකම බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කළ හැකිද? මෙයින් නිවැරදි සලකුණ වන්නේ වම් පසින් ඇති එක් නාගයකු වෙලීසිටින දන්ඩය. වැඩි විස්තර තවත් සටහනකින්

ලංකාව

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේද ලංකාවක් ඇත. View Larger Map

Colombo කොළඹ

Colombo අප රටේ මුලින් තිබු අගනුවර වුවද Colombo නමින් නගරයක් බ්‍රසීලයේද ඇත.
View Larger Map

Ceylon

Ceylon ශ්‍රී ලංකාව සඳහා කළින් භාවිතා වු නමක් වුවද එම නම ඇති ස්ථාන කිහිපයක්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇති බව Google සෙවුමකින් සොයාගත හැකිවිය. View Larger Map View Larger Map View Larger Map View Larger Map View Larger Map වැඩි දුර කියවීම්: A trip to places called Ceylon in USA

මැරතන්

මැරතන් තරගයට එම නම ලබා දුන් 490 BCදී ග්‍රීක පර්සියානු සටන සිදුවු මැරතන් නගරයයි මේ.
View Larger Map

සිංහල මිනි බ්ලොග් මැරතන්

ගියවර බ්ලොග් මැරතන් සඳහා කලින් සිට සුදානම් වුවත් මෙවර සහභාගි වීමට නොහැකි වේ යැයි සිතූ බැවින් කිසිදු සුදානමක් වීමට බැරිවුනා. ඔන්න කොහොමහරි අන්තිමට ඒකට අවස්ථාව කොහොමින් හරි ලැබුනා. භරි ඔහොම යමු, එතකොට මොනවා හරි ලියැවෙයිනේ.

2008-09-03

Google Chrome

ඔන්න මමත් Google Chrome (BETA) (ගූගල් ක්රෝම්) ස්ථාපනය කරගත්ත උදේම. බොහොම අපූරුයි. මේහි toolbar, status bar අදිය සාමාන්‍ය අවස්ථාවලදී නොපෙන්වන නිසා වෙබ් පිටුවට ඈති ඉඩ වෑඩියි. සෑම tab එකක්ම වෙනම process එකක් ලෙස පවතින නිසා Windows Task Managerහි chrome කිහිපයක් runවනු දෑක ගත හෑකියි. සිංහල කිසිම ප්‍රශ්නයක් නෑතිව දර්ශනය වෙනවා.

2008-06-24

අසම, සම-නිවුන්නු

very interesting indeed Originally uploaded by joyrex
සම නිවුන්නුන් සර්ව සම නොවේද? දෙමාපියන්ගේ වර්ණදේහ (chromosome) එකතුවී සැදෙන එකම යුක්තාණුවක් (zygote) දෙකඩ වීමෙන් හටගන්නා මෙම සම නිවුන්නු, එකම ගොනොමයක් (genome) උරුමකර ගනිති. නමුන් ඔවුන් දක්වන වෙනස්කම් පාරිසරික හේතු සාධක වල බලපෑම් බැව් පිලිගැනීම වේ. උදාහරණයක් ලෙස නිවුන් යුවලකින් එක් අයකුට පමණක් පාර්කින්සන් රෝගය (Parkinson’s disease) වැලඳීම. නමුත් University of Alabama හි Carl Bruder ඇතුළු පිරිස ඒකයුක්තාණුක (monozygotic)සම නිවුන් යුගල 19ක ගොනොම අධ්‍යයනයෙන් නිරීක්ෂණය කර ඇත්තේ ඉතා කුඩා වෙනස්කම් එම DNA අතර පවතින බවයි. මෙසේ වෙනස්කම් ඇතිවනුයේ copy-number-variation මඟින් වන අතර, එහිදී DNA ඛණ්ඩ මැකීයාමක් හෝ අමතර පිටපත් ඇතුළු වීමක් සිදුවේ. එහිදී එම DNA ඛණ්ඩයක පිටපත් 0 සිට 14 දක්වා සංඛ්‍යාවක් තිබිය හැකිය. මෙම සොයාගැනීම සමහර රෝගවලට අදාල ප්‍රවේණික සම්බන්ධතාවය සොයාගැනීමට උපකාර වනු ඇතැයි Bruder පවසයි. එමෙන්ම සම නිවුන් යුගල ප්‍රවේණිකව සර්ව සම යැයි සලකා සිදුකරනලද නිවුන් අධ්‍යයනයන්ට මෙම අධ්‍යයනයෙන් සිදුවන බලපෑම කෙසේද? නිවුන් යුගල් අතර පවතින විවිධ පාරිසරික වෙනස්කම් සඳහා ආකෘතිවල සිදුකරන සිරුමාරු කිරීම් ප්‍රවේණික වෙනස්කම් සලකාද එම ආකෘතිවල සිදුකල හැකිබව නිවුන් අධ්‍යයන සිදුකරන විද්‍යාඥයන්ගේ අදහසයි. අසම වූ සම-නිවුන්නු! වැඬිදුර කියවීම්:

2008-04-19

දෛනික ජල අවශ්‍යතාව -2

සාමාන්‍යයෙන් දිනකට ජලය වීදුරු 8ක් බීමට අවශ්‍ය බව ඔබ අසා ඇති. එය ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගැනීමට හේතුවනු ඇති බව සාමාන්‍ය මතයයි. නමුත් University of Pennsylvania හි විද්‍යඥයන් සොයාගෙන ඇත්තේ එවැනි මතයක් ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි. ජලය නොමැතිව දිනකිහිපයකට වඩා මිනිසාට සිටිය නොහැකිමුත් මෙ පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ බොහෝ අඩුවෙනි. එම පර්යේෂණවලින්ද සෞඛ්‍යයට සිදුවන යහගුණ හෙලිනොවේ. එබැවින් දැනට දිනකට අවශ්‍ය ජල ප්‍රමානය නොදනී!!!

පරිණාමයේ පියා අන්තර්ජාලයේ

Charles Darwin පරිණාමයේ පියා ලෙස සැලකේ. ඔහුගේ ප්‍රසිද්ධ Galapagos සංචාරය හා අනෙක් සියලු අත්ලිපි (Manuscript), ප්‍රකාශන ඇතුලත් සම්පූර්න එකතුවක් අන්තර්ජාලයට එක්කර තිබේ. අධ්‍යාපනික සහ වෙළඳ නොවන කටයුතු සඳහා මෙහි අන්තර්ගතය නොමිලේම භාවිතා කළ හැක. Darwin Online

ශ්වේත රළ තරණය

ප්‍රථම වරට කිතුල්ගලදී ශ්වේත රළ තරණයට (White Water Rafting - දන්නා වෙන නමක් නොමැති බැවින් යොදා ගතිමි) සහභාගි වූයේ හිතේ ඇතිවු ලොකු චකිතයකුත් සමඟයි. සැඩපහරක කෙසේ වෙතත් නිසල දිය පහරකවත් ඔරුවක් පැද නැති අපට පලමු අත්දැකීම කිසිදා අමතක නොවනු ඇති. දෙවන වරටත් ශ්වේත රළ තරණයේ යෙදෙද්දී එතරම් බියක් නොදැනුනද එය සැමවිටම නවමු අත්දැකීමක් මෙන් වන බව පෙනින. පසු ගිය කළ ජීවිත කිහිපයක්ම බිලිගැනීමට තරම් කිතුල්ගල ශ්වේත රළ පහර නොපසුබට වූ බවද අමතක නොකළ යුතුය. මා ඡායාරූපයේ වම් පස ඉදිරි අසුනේ

වන්දා

Praying MantisPrating Mantis with pen for size comparisonබොහොම අහිංසක තාලෙට දෑඟිලි බැඳගෙන වැඳගෙන හිටියත් විලෝපිකයෙක්. වෙනත් කෘමීන් ආහාරයට ගනියි. ඉදිරි ගාත්වල ඇති තියුනු කණ්ඨක මඟින් අඩපනකරනු ලබන ගොදුර ආහාරකොට ගනියි.

නිර්වින්දනය-5

සෞෂුම්න නිර්වින්දනය ප්‍රචලිත කිරීමේ ගෞරවය හිමිවන්නේ August Bier (1861-1949)ටය. ඔහු 1898දී රෝගීන් සයදෙනෙකුට නිර්වින්දනය ලබාදීමෙන් පසු තමාට සහ තම සගයා වන Dr. Hildebrandtටද සෞෂුම්න නිර්වින්දනය ලබාගත්තේය. එහිදී ප්‍රථමයෙන් Bierට, Hildebrandt විසින් නිර්වින්දනය ලබා දීමට උත්සාහ කළ අතර, එහිදී සෞෂුම්න අවකාශයට අවතීර්න වුවද උපකරණ නොගැලපීම නිසා ඔහුට නිර්වින්දනය ලබාගත නොහැකිවිය. ඉන් පසු Hildebrandtට,Bier විසින් නිර්වින්දනය ලබාදෙන ලදී

නිර්වින්දනය-4

Dr. Rudolph Matas

සෞෂුම්න නිර්වින්දනය යනු මස්තිෂ්ක-සුෂුම්නා තරලයට ඖෂධයක් ඇතුලු කිරීම මඟින් ශරීරයේ කොටසක් පමනක් නිර්වින්දනයට පත් කිරීමයි. මෙය මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 1888දී, Leonard Corning (1855-1923) විසිනි. එහිදී භාවිතා කළ ඖෂධය වූයේ කොකේන්ය. එය සිදුවුයේ අහම්බයකිනි. නමුත් ඊට දශකයකට පසු 1899දී , Dr. Rudolph Matas විසින් කලින් සැලසුම්කර සෞෂුම්න නිර්වින්දනය ලබා දෙනලදී.

නිර්වින්දනය-3

මම දවසක් හදිසියේම නුපුරුදු උපකරණයක් දැක්ක ශල්‍යාගාරයේදි. මඳක් සොයාබැලුවිට පෙනී ගියේ 1890දී පමන Curt Schimmelbusch හඳුන්වාදුන් Schimmelbusch Mask නම් උපකරණයයි. එය ඊතර මෙන්ම chloroform ද භාවිතයෙන් නිර්වින්දනය ලබා දීමට භාවිතා කර තිබේ.

නිර්වින්දනය-2

William Morton සතුන්ටද, තමාටමද ඊතර නිර්වින්දනය ලබා දී අත්හදා බැලුවේය. ඔහු, Baltimore College of Dental Surgeryහි ශිෂ්‍යයකු ලෙස සැලකුනද පරීක්ෂණ වලින් පෙනීගොස් ඇත්තේ ඔහු කිසිදු වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය විද්‍යාලයකට ඇතුලු වු බවට වාර්තා නොමැති බවයි. Morton ඊතර නිර්වින්දනය ප්‍රචලිත කිරීමට මෙන්ම එහි අයිතිය දිනාගැනීමටද තම කාලය මිඩංගු කිරීම නිසා 1868, ජූලි 15දින මිය යන විට බංකොලොත්භාවය ලබා සිටියේය.

නිර්වින්දනය-1

මුල්කාලයේ ශල්‍යකර්ම සිදුකලේ කිසිම නිර්වින්දනයකින් තොරවය. මේ ගැන අවධානය යොමුකල දන්ත වෛද්‍ය William Morton (1819 - 1868), ඊතර භාවිතයෙන් නිර්වින්දනය කිරීම Massachusetts General Hospitalහිදී 1846, ඔක්තෝබර් 16දින Edward Gilbert Abbott නර්වින්දනය කිරීමෙන් ඔප්පුකර පෙන්වූයේය.

අන්ධ රියදුරන්

GPS තාක්ෂණය අන්ධ ලෙස රථ පැදවීමට භාවිතා කරන රියදුරන් නිසා මහත් අලාභහානි සිදුවන බව පෙනෙන්නට තිබේ. GPS උපකරණ මතම යැපෙන රියදුරන්, මාර්ග සංඥා ආදිය ගැන අවධානය යොමු නොකිරීම නිසා දේපලවලට මෙන්ම වාහන සහ ජීවිත වලටද බොහෝ තර්ජනයක් එල්ලවී ඇත.

ලංකා දුම්රිය කෞතුකාගාරය

පසුගිය දිනෙක මට අපූරු වෙබ් පිටුවක් හමුවවිය. ඒ ලංකා දුම්රිය කෞතුකාගාරයයි
වසර 2000දී පමණ අරඹන්නට ඇතැයි අනුමාන කළහැකි මුත් තවම වැඩ අවසන් නැති සෙයක් පෙනේ. සිංහල අකුරු සඳහා Images භාවිතාකර ඇත. නිමකර ඇති ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් පිළිබඳ පිටුවල ඉතා අගනා තොරතුරු රාශියක් ඇත.

වෛරයන් වෛරය නොසන් සිඳේ

Vanderbilt Universityහි කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ කළහකාරී හැසිරීම්, Dopamine නමැති ස්නායුසන්නිවේදකය නිකුත්වීම උත්තේජනය කරන බවයි. Dopamine සංතෘප්තිය ඇතිකිරීමට හේතුවන ස්නායුසන්නිවේදකයකි. මෙම පර්යේෂණයේදී මීයන් ගේ කලහකාරී හැසිරීම් නිරීක්ෂණය කරන ලදී. මීයන් ගේ කලහකාරී හැසිරීම් Dopamine අනුග්‍රාහකය (receptor) අක්‍රීය කරන ඖෂධයකින් අඩුකරන බවද නිරීක්ෂණය කරන ලදී. Aggression Is Its Own Reward

වයස වසර 405යි

ලෝකයේ වයස්ගතම සත්වයා හමුවේ. Quahog වර්ගයට අයත් මට්ටියකු වන උගේ වාර්ෂික වලලු ගැනීමෙන් වයස නිර්නය කර තිබේ. එය වසර 405කි. අයිස්ලන්තය අසල සාගරයේ 80m ගැඹුරින් ඌ ගොඩගෙන ඇත. දැනට Guinness වාර්තාව උසුලනුයේද එම වර්ගයේම වසර 220 වයසැති Quahog මට්ටියෙකි.

නියඟලා-2

නියඟලා ශාකයේ ඇති විෂ වන්නේ Colchicineය. එය ඇල්කලොයිඩයකි. එහි මාරාන්තික විෂ මාත්‍රාව වෙනස් විය හැක. විෂවීමේ ලක්ෂණ පැය 6 -12කට පසු ඇතිවේ. එම ලක්ෂණ නම්, උදර වේදනාව ඔක්කාරය/ වමනය පාචනය ලේ ගැලීම් වලිප්පුව (Convulsion)/ අධිමුර්ඡාව (coma) වහාම රෝගලක්ෂණ සමනය කිරීමට ප්‍රතිකාර කළ යුතුය මෙය Gout, Familial Mediterranean Fever වැනි රෝග කිහිපයකට ඖෂධයක් ලෙසද භාවිතා කෙරේ

නියඟලා-1

අපේ ගෙවත්තේ තිබු නියඟලා වැලක මල් පිපින. නියඟලාහි විශේෂත්වයක් වන්නේ එහි පත්‍ර දාරය පහුරක් ලෙසට විකරණය වී තිබීමයි. විද්‍යාත්මක නාමය:Gloriosa superba ඉතා අලංකාර පුෂ්ප තිබුනද මෙම ශාකයේ සියලුම කොටස් විෂ සහිතය. මතු සබැඳි...

දෛනික ජල අවශ්‍යතාව -1

සෞඛ්‍යමත්ව සිටීමට අප දිනකට ජලය කොපමන ප්‍රමානයක් පානය කල යුතුද?

කරුණාකර ඔබේ පිළිතුර pollඑකේ ලබා දෙන්න. පිළිතුර පසුව...

නිදි මතට තිත.

මුලු රෑම මැරතන් දුවලා නිදිමතේ ඉන්න හැමෝටම ඉතා සුදුසු Gadget ද්වයක් මට හමුවුනා. මෙම උපකරණ ද්වයේම ක්‍රියාකාරිත්වය බොහෝදුරට සමානයි. ඒවා කණට පිටුපසින් පැලඳියයුතු අතර, හිසෙහි කේණය වෙනස්වු විට, එනම් නිදිකිරා වැටුනු විට ක්‍රියාත්මක වේ.

Wake-up Angel $19.50

තරබාරුවේ විශම චක්‍රය

උදරයේ මේදය ඔබ තවතවත් කුසගිනි කිරීමෙන් එය විශම චක්‍රයක් ලෙස තවතවත් තරබාරුවීමට හේතුවිය හැකි බව University of Western Ontarioහි සිදුකල පර්යේෂණයකින් සොයාගැනේ. මෙයට හේතුවනුයේ Neuropeptide Y නමැති හෝමෝනයයි. මොලයෙ පමනක් නිපදවෙතැයි සිතා සිටි මෙය, උදරයේ මේද සෛලවලින්ද නිපදවන බව සොයාගැනේ. උදරයේ මේද සෛල ගුණනය නොවුනද, Neuropeptide Y මඟින් මේද සෛලවල පූර්වග (Precursor) සෛල ගුණනය උත්තේජනය කරයි.

තරබාරුව අඩු කිරීමට

තරබාරුව අඩු කිරීමට නවතම මෙවලමක්... ජපානයේ Yumetai ආයතනයෙන් උදව්වක්... මෙම නිල් පැහැති අව්කණ්ණාඩි ආහාරයට ගෙන එන්නේ අප්‍රියජනක පෙනුමක්. එය ආහාර රුචිය අඩුකිරීමට හේතුවනු ඇතැයි ඔවුන් පවසයි.

සුනාමිය-2

අවස්ථාව: 2004 සුනාමියෙන් පසු පැවැත්වු සෞඛ්‍ය සායනයක් ස්ථානය: වේරුගල් වේරුගල් ආරුහි පාලම් පාරුව

වේරුගල් ආරුහි පාලම් පාරුව (රවුම් කර) Google Map

අහෝ SLT ADSL

SLT ADSL එනවා යනවා effectඑකට අමතරව පරිගණකයත් ඇනහිටිය. හරි, හරි, ඔහොම යං, ඔහොම යං...

සුනාමිය-1

අවස්ථාව: 2004 සුනාමියෙන් පසු පැවැත්වු සෞඛ්‍ය සායනයක් ස්ථානය: සෛන්දමරුතු රෝහල අන්තශ්ශෛරික (Intravenous) ආවිලයිත (Infuion) කට්ටලයක්, රෝගියාට ඇලවු පැලැස්තරයද සහිතව (රවුම් කර) ගසක පැටලී රෝගියා...?

2008-04-18

විලෝපික පක්ෂියා

කොණ්ඩ කුරුලු පවුල ඉගිලී ගිය පසුත් මම කුරුලු කුඩුව ගැන අවධානයෙන් පසුවුනේ විලෝපික පක්ෂියා නැවත දිනෙක එනු ඇතැයි බලාපොරොත්තුවෙනි. මට වැඩි දිනක් එසේ සිටීමට සිදු නොවීය. දිනක කුඩුව දෙසින් ශබ්දයක් ඇසී බැලූ විට ඉතා දැකුම්කලු පක්ෂියෙක් දැකගත හැකිවිය. අලු-නිල් මිශ්‍ර වර්ණයකින් යුතුවිය. නම: කුරුලු ගොයා Shikra විද්‍යාත්මක නාමය: Accipiter badius විලෝපික පක්ෂියෙකි. දකුණු ආසියාවේ හා අප්‍රිකාවේ සහරාවට දකුණෙන් දක්නට ලැබේ.
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help