2010 බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වීමට මගේ තිබුන උවමනාව මේ එක අකුණු පහරක් නිසා නිතිවීයනු ඇතැයි මම කවදාවත් හිතුවේ නැ.
වැස්සක් පටන් ගන්නටත් කලින්ම ගහපු අකුණු එලියට, විදුලිය ඇන හිටින කොටම මට මතක් වුයේ තවමත් පරිඝනකය දුරකථන රැහැනට සම්බන්ධ කර ඇති බවයි.
අහෝ අකුණු පහර....
පරිඝනකය නැවත පන ගැන්වුනත්, ADSL මොඩමය නම් නැවත පන එනු නැති පාටයි.
අකුණකුත් ගහල ඔහොම ගියාම මදිද?
මැරතන් එකනම් දුවන්න උනේ නෑ ඉතින්.
ටීකාව
a commentary...
2010-04-25
2009-09-07
ඇසිපිය නොහෙලා...
සෑම තත්පර කිහිපයකට සැරයක්ම අපි ඇසිපිය හෙලන්නෙමු.
එහිදී සෑම තත්පර 60කටම තත්පර 6ක් පමනම අප ඇස්වසා සිටී. එහිදී හෞතිකව ඇස් වැසීයාමට අමතරව දෘෂ්ඨික තොරතුරු ලබාගැනීමද ඇසිපිය හෙලීමට 50ms පමන පෙරසිටම යටපත් කෙරේ. එය විශේෂයෙන්ම අපට ඇසිපිය හෙලිමට අසංවේදී වීමට උපකාරී වේ. නමුත් ඇසිපිය හෙලන අතරේ සිදුවන දේ අපට මඟහැරී යෑම සිදුවේ.
මේ පිළිබඳව පර්යේෂණ කළ Tamami Nakano ඇතුළු පිරිස අපූරු දෙයක් නිරීක්ෂණය කළා.
එකම වීඩියෝ දසුන නැරඹු පිරිස අතර ඇසිපිය හේලීම අතිශයින්ම සමකාලීකෘත (synchronized) වූවා. ඇසිපිය හෙලීම දර්ශන අවසානය සමඟම බැඳී නොතිබූ අතර වැඩි අවධානයක් අනවශ්‍ය දර්ශන ඇතිවිට එය සිදුවිය. උදා: ක්‍රියාවලියක් අවසානයේ, ප්‍රධාන චරිතය රූප රාමුවේ නැතිවිට,
එසේම මසුන් පිහිනන දර්ශන වැනි දර්ශනයක් දකිනවිටදී හා ශබ්ද නඟා කථනයක් කරන විටදී, විවිධ පුද්ගලයන් අතර ඇසිපිය හේලීම සමකාලීකෘත වූ බවක් දක්නට නොලැබින.
මෙයින් ඔවුන් එලැඹි නිගමනය වුයේ, ඇසිපිය හේලීම අවධානය අවශ්‍ය කාර්ය්‍යක් සිදු කෙරෙන විට යටපත් කෙරෙන අතර, යම් කාර්ය්‍යක ආරම්භය හෝ අවසානය දන්නේනම් එයට පෙර හෝ පසු සිදුවීමට ප්‍රවනතාවයක් දක්වයි.

2009-09-02
වලසා සහ දෙමිතුරෝ
වනාන්තරය හරහා ගමනක් යමින් සිටින මිතුරන් දෙදෙනෙකු ඔවුන් හඹා එන වලසකු දකියි. එක මිතුරකු ගසකට නැග ගන්නා අතර, ගස් නැගිය නොහැකි අනෙක් මිතුරා මැරුණාක් මෙන් සිටී. වලසා බිම සිටින මිනිසා ඉවකර ඉවතට යයි. ගසෙන් බසින අනෙක් මිතුරාට බිම සිටින මිතුරා පවසනුයේ, "අනතුරකදී පලායන අය ඇසුරු නොකරනන්නැ"යි වලසා රහසෙන් කී බවයි.
කුඩා කළ අසා ඇති මෙම කතන්දරය ඔබට මතක ඇතැයි සිතමි. මෙය මට සිහිවූයේ මෙයට ඉඳුරාම වෙනස් අදහසක් ඇති පර්යේෂණ වාර්තාවක් දුටු විටයි.
Takahisa Miyatake පවසනුයේ ගුල්ලන් (red flour beetle, Tribolium castaneum) සහ මකුණන් (Adanson jumper spider, Hasarius adansoni) යොදාගෙන කළ පර්යේෂණයේදී පෙනී ගියේ මැරුණාක් මෙන් සිට දිවිගලවා ගන්නන් වඩාත් සක්‍රිය තම අසල් වැසියන් අනතුරේ හෙලන බවයි.
විවිධ තත්ව යටතේ කළ පර්යේෂණයේදී පෙනී ගියේ සක්‍රීය අසල්වැසියන් සිටිනවිට, මැරුණාක් මෙන් සිටිම දිවිගලවා ගැනීමේ උපක්‍රමයක් ලෙස වඩාත් සාර්ථක වු බවයි.
2009-07-26
බෝතල් කළ ඊස්ට්‍රජන් නොමිලේ
plastic bottle Originally uploaded by RE3.org
2009-04-18
ස්ථුල ගිනි නිවන්නෝ
ස්ථුලභාවයෙන් යුතු ගිනි නිවන්නන් සහ හදිසි වෛද්‍ය සේවා සපයන්නන්ද අතර අධි ස්ථුල භාවය සහිත පුද්ගලයන් ප්‍රමානය Boston ප්‍රදේශයෙ නම් 77% පමන බව සමීක්ෂණයකින් හෙළිවිය.
ඔවුන් වඩා අධිකව හෘද රෝගී තත්වයන්ටද පේෂී හා සැකිලි ආශ්‍රිත හානි වලටද ගොදුරුවිය හැක. එය ඔහුගේ සගයන්ටද, ඊටත් වැඩියෙන් ඔහුගේ සේවය ලබන්නන්ටද බලපෑම් ඇතිකරයි.
බම්බු මල
භාගෙට නිදි
මේ වන විට මැරතන් සහභාගිකරුවන් බොහෝ දෙනෙක් නිදි වර්ජිතව මෙයට සහභාගී විම නිසා බොහෝ තෙහෙට්ටුවෙන් ඇතිබව පෙනේ.
නමුත් පර්යටනයේ යෙදෙන පක්ෂීන්ට නම් එය එතරම් ප්‍රශ්ණයක් නොවන බව පෙනේ. ඔවුන් නිදිමත විට තත්පර 5-10ක පමන කෙටි නින්දකට වැටෙන බවද, සමහර පක්ෂීන් එක ඇසක් වසා ගෙනද එයට අදාල මස්තිෂ්ක අර්ධගොලයට විරාමයක් ලබා දෙනවා.
මිත්‍රයිනේ නිදිමතනම් එක ඇසක් වසා ගෙන ඉතිරි ටිකත් කරගෙන යන්න බලමු.

නයිට්‍රජන් පොහොර
මීට වසර 100කට පෙර මාර්තු මාසයේ දිනක Fritz Haberනම් රසායන විද්‍යාඥයා විසින් නයිට්‍රජන් (නෛට්‍රජන් කියල ලිව්වොත් වැරදිද?) සහ හයිඩ්‍රජන් (හෛඩ්‍රජන්?), ඔස්මියම් ලෝහ තහඩුවක් ඇතිවිට වැඩි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ප්‍රතික්‍රියා කිරීමට සලසා පොහොරක් ලෙස වැදගත් ඇමෝනියා බවට පත් කලේය.
ඔහුට 1918දී ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබුනු අතර ව්‍යාපාරික මට්ටමින් කෘත්‍රීම පොහොර භාවිතයත් සමඟ ඇතිවු ආහාර සුලභ තාවයෙ ඍජු බලපෑමක් ලෙස ලෝක ජනගහනය 20වන සියවසේදී බිලියන 1.6 සිට බිලියන 6 දක්වා ඉහල නැග්ගේය.
එය කිසි ලෙසකින්වත් පරිසරයට වැඩදායී නොවු බවද පෙනේ

මැලේරියාව
'මැලේරියාව මර්දනය කළ අග්නිදිග ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාවයි' යන ප්‍රවෘත්තිය දුටුවිට මට සිහිවූයේ පසුගිය දිනෙක එළිදැක්වූ මැලේරියා ලෝක සිතියමයි.
ලෝකයේ බොහෝ රට වලට විශේෂයෙන් අප්‍රිකානු රට වලට එය තවමත් බරපතල තත්වයකි.
ලෝකයේ බොහෝ රට වලට විශේෂයෙන් අප්‍රිකානු රට වලට එය තවමත් බරපතල තත්වයකි.
ඌෂ්ණෙ
මේ දිනවල අවට පරිසරය, ඉතා උණුසුම් මෙන් දැනේ.
ශරීරයේ උෂ්ණත්වය 37°C පමණ වුවද අවට උෂ්ණත්වය එම උෂ්ණත්වයට ආසන්න වූ විට අධික අපහසුතාවයක් දැනේ.
එසේ වනුයේ අප ශරීරය නියත උෂ්ණත්වයක පවත්වා ගැනීමට ඉවහල්වන ස්වේදය වාෂ්පීභවනය, ප්‍රශ්වාස වාතය හා උණුසුම් රුධිරය වඩාත් සම මතුපිටට ආසන්නව ගැලීමට සැලසීම වැනි ක්‍රියාමාර්ග අවට උෂ්ණත්වය 21°C පමන විට ප්‍රශස්ත අයුරින් ක්‍රියාකලද, අවට උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට ආසන්න වූ විට ප්‍රශස්ත අයුරින් ක්‍රියා නොකිරීමයි. එවිට මහත් අපහසුවක් දැනේ.

ගෑණු නහය
මේ නමින් වූ සටහනක් දැක මා ටික කලකට පෙර කියවූ පර්යේෂනය සටහනක් මට සිහිවුනා. එයට අනුව සැබවින්ම ගැහැණුන්ගේ නාසයේ සංවේදනය පිරිමිනට වඩා තියුණු බව තහවුරු වී තිබේ.
එහිදී ස්වේදය අඩංගු කුප්පි ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම පරීක්ෂාකිරීමට සැලැස්වූ අතර, ඒවායේ සුවඳෙහි තීව්‍රතාවය එකම බව දෙපාර්ශවයම පිළිගන්නා ලදී
ඉන්පසු සුවඳ විලවුන් වර්ග 32 සමඟ එය මිශ්‍ර කර නැවත ඔවුනට පරීක්ෂා කිරීමට සලස්වන ලදී. එහිදී පිරිමින්ට සුවඳ විලවුන් වර්ග 19 සමඟම මිශ්‍රවු ස්වේදය හඳුනාගැනීමට නොහැකි වුවද, ගැහැණුන්ට හඳුනාගැනීමට නොහැකි වුයේ එසේ මිශ්‍රකළ සාම්පල දෙකක් පමණි.
තේ වලින් පිළිකා
ඉතාම උණුසුම්ව තේ පානය කිරීම උගුරෙහි පිළිකා හට ගැනීමට හේතුවිය හැකි බව සොයාගැනේ. තරමක් උණුසුම් හෝ ඇල්මැරුණු තේ (65°Cට අඩු) පානය කරන්නන්ට සාපේක්ෂව, අධික ලෙස උණුසුම් තේ (70°C) පානය කරන්නන් 8 ගුණයකින්ද, උණුසුම් තේ (65-69°C) පානය කරන්නන් 2 ගුණයකින්ද අන්නස්‍රෝතයේ පිළිකා අවදානම ඉහළ දැමේ.
නමුත් බොහොවිට පානය කරනු ලබන තේ තරමක් උණුසුම් බැවින් එතරම් අවදානමක් නොමැත. එමෙන්ම අළුත වත් කර ගත් තේ කෝප්පයක් පානයට පෙර විනාඩි 4ක්වත් සිටීම උගුරේ සෞඛ්‍යයට සුදුසු වේ.
නමුත් බොහොවිට පානය කරනු ලබන තේ තරමක් උණුසුම් බැවින් එතරම් අවදානමක් නොමැත. එමෙන්ම අළුත වත් කර ගත් තේ කෝප්පයක් පානයට පෙර විනාඩි 4ක්වත් සිටීම උගුරේ සෞඛ්‍යයට සුදුසු වේ.
2009-04-17
ලොව විශාලතම ජීවියා
කසළ ඊ ලිපි
2008 වසරේ කසළ ඊ ලිපි (junk email/ spam) ට්‍රිලියන 62ක් හුවමාරු වූ අතර ඒ සඳහා නිවාස මිලියන 2.4ක් සඳහා වසරකට ප්‍රමානවත් විදුලි බල ප්‍රමානයක් වැයවී ඇති බවද, කාර් රථ මිලියන 3.1කින් පිටකෙරෙන හරිතාගාර වායු ප්‍රමානයක් ඊට අදාලව පිට කෙරෙන බවද McAfee පවසයි.
Google Mapහි වෙබ්කැම්
පෙනහළුවක් තුල ගසක්
කුඩාකල විජය පත්‍රයේ 'මකාගේ යලක්', මේ පුවත දුටුවිට මට සිහි විය.
මිනිසකුගේ පෙනහළුවක් තුල fir (දේවදාර) ගසක් වැඩීතිබෙනු පසුගිය දිනෙක සොයා ගැනිණි. එය 5cm පමණ වැඩී තිබිණ.
මිනිසකුගේ පෙනහළුවක් තුල fir (දේවදාර) ගසක් වැඩීතිබෙනු පසුගිය දිනෙක සොයා ගැනිණි. එය 5cm පමණ වැඩී තිබිණ.
- Tree grows inside man's lung
- http://www.sciam.com/video.cfm?id=19723866001
තාරකා ශ්‍රාස්ත්‍රඥයන් ගේ මැරතන් තරඟය
අපේ මැරතන් වගේම තාරකා ශ්‍රාස්ත්‍රඥයන් අතරත් මැරතන් තරඟයක් තිබේ.
එය Messier Marathon ලෙස හැඳින්වේ. 18වන සියවසේ Charles Messier නම් තාරකා ශ්‍රාස්ත්‍රඥයා සොයාගත් වස්තූන් 100 අතරින් හැකිපමන හඳුනාගැනීම මෙහිදී සිදු කෙරේ.
ඉහත ඇත්තේ 2008 අප්‍රේල් 19 දින එසේ පැවැත්වු තරඟයක පැය 6ක් පුරා නිරාවරනය කර ලබාගත් ඡායාරූපයකි.
සිංහල බ්ලොග් මැරතන් 2009
ආයුබෝවන්!
ඔන්න මෙවරත් සිංහල බ්ලොග් මැරතන් තරඟයට මමත් සහභාගී වෙනව.
2008 නම් සුදුනම් වී සහභාගි වුවත් මෙවරත් කිසිම සූදානමකට ඉඩ ලැබුනේ නෑ.
කමක් නෑ හිතට එන එන දේ ලියල බලමු
2008-12-27
පෘථිවි උදාව
Lively මරණය
Lively, Googleහි 3D චැට් සේවාවයි. අවාසනාවකට Google එය මරණයට නියම කර ඇත. දෙසැම්බර් 31 එහි අවසන් දවසයි.
Lively මරණයට පෙර හැකිනම් වරක් එයට පිවිසී බලන්න.
Lively වැසියෝ එය වසා දැමීමට විරුද්ධව අරගලයක් දියත්කර ඇත.

- http://livelyzens.com
- http://groups.google.com/group/livelyzens
Sunny Ranch ⇓ in Lively

සොරුන්ගේ දෙවියා
Hermes ග්‍රීකපුරාණයට අනුව දෙවිවරුන්ගේ දුතයාය. ඔහු ගොපල්ලන්ගේ, මගීන්ගේ, කවීන්ගේ මෙන්ම සොරුන්ගේ සහ සොරුන් හා බොරු කියන්නන්ගේ කපටිකමට අධිපති දෙවියාද වේ.
ඔහුගේ යෂ්ඨිය නාගයන් දෙදෙනකු වෙලීසිටින දන්ඩය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ සටහන සමඟ සබැඳේ
වෛද්‍ය විද්‍යවට අදිපති දෙවියා
වෛද්‍ය විද්‍යාවට අදාල ග්‍රීක දෙවියා Asclepiusය. වෛද්‍ය විද්‍යවට අදාල සුවවීමට අදිපති දෙවියා ඔහුය. ඔහු Apollo දෙවියාගේ සහ Thessalian රාජධානියේ රාජ කුමරිය වන Coronisගේ දරුවාය.
මළ මිනිසුන්ට පණ ලබාදීම වෙනුවෙන් රන් ලබා ගැනීම නිසා උදහස් වු Zeus අකුණු පහරක් ගසා ඔහු මරාදැමුවේය.
ඔහුගේ යෂ්ඨිය එක් නාගයකු වෙලීසිටින දන්ඩය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ සටහන සමඟ සබැඳේ
බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකුණ
බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කරන සලකුණ ඔබට මතකද? විවිධ තැන්හී එය භාවිතාකර ඇති අයුරු පිරික්සූ විට ප්‍රධාන වශයෙන් සලකුණු දෙකක් භාවිතා කර ඇතිබව පෙනේ.
මෙම සලකුණු දෙකම බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා භාවිතා කළ හැකිද?
මෙයින් නිවැරදි සලකුණ වන්නේ වම් පසින් ඇති එක් නාගයකු වෙලීසිටින දන්ඩය.
වැඩි විස්තර තවත් සටහනකින්
Subscribe to:
Posts (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help