2009-07-26

බෝතල් කළ ඊස්ට්‍රජන් නොමිලේ

plastic bottle Originally uploaded by RE3.org

ජලය සහ බීම වර්ග ඇසුරුම් කළ PET (polyethylene terephthalate) ප්ලාස්ටික් බෝතල් අප එදිනෙදා භාවිතයට අත්‍යාවශ්‍ය දෙයක්වී හමාරය. නමුත් නවතම පර්යේෂණ මඟින් පෙනී යන්නේ ඒවාද සෞඛ්‍යයට අහිතකර වියහැකි බවය. ජර්මානු විද්‍යාඥ Martin Wagner කළ පර්යේෂණ අනුව එම බෝතල් වල ඇසුරූ ජලයේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය දක්වන රසායන ද්‍රව්‍ය හඳූනාගැනීමට හැකිවිය. ඔවුන් එක් පර්යේෂණයකදී වීදුරැ සහ ප්ලාස්ටික් බෝතල් තුල වූ රෝපණ මාධ්‍යයක ඊස්ට්‍රජන් හෝමෝනයට අතිශයින් සංවේදී ගොළුබෙලි විශේෂයක් වගාකළා. ප්ලාස්ටික් බෝතල් තුල එම ගොළුබෙල්ලන්ගේ ප්‍රජනක හැකියාව වීදුරැ බෝතල් තුල වූ ගොළුබෙල්ලන්ට සාපේක්ෂව දෙගුණ වී ඇතිබව පෙනීගියා. නමුත් Wagner පවසනුයේ ප්ලාස්ටික් බෝතල් පිළිබඳව තවමත් නිගමනයන්ට එළඹීමට හදිසි නොවිය යුතු බවයි. >> Endocrine disruptors in bottled mineral water: total estrogenic burden and migration from plastic bottles
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help