2009-09-02

වලසා සහ දෙමිතුරෝ

වනාන්තරය හරහා ගමනක් යමින් සිටින මිතුරන් දෙදෙනෙකු ඔවුන් හඹා එන වලසකු දකියි. එක මිතුරකු ගසකට නැග ගන්නා අතර, ගස් නැගිය නොහැකි අනෙක් මිතුරා මැරුණාක් මෙන් සිටී. වලසා බිම සිටින මිනිසා ඉවකර ඉවතට යයි. ගසෙන් බසින අනෙක් මිතුරාට බිම සිටින මිතුරා පවසනුයේ, "අනතුරකදී පලායන අය ඇසුරු නොකරනන්නැ"යි වලසා රහසෙන් කී බවයි. කුඩා කළ අසා ඇති මෙම කතන්දරය ඔබට මතක ඇතැයි සිතමි. මෙය මට සිහිවූයේ මෙයට ඉඳුරාම වෙනස් අදහසක් ඇති පර්යේෂණ වාර්තාවක් දුටු විටයි. Takahisa Miyatake පවසනුයේ ගුල්ලන් (red flour beetle, Tribolium castaneum) සහ මකුණන් (Adanson jumper spider, Hasarius adansoni) යොදාගෙන කළ පර්යේෂණයේදී පෙනී ගියේ මැරුණාක් මෙන් සිට දිවිගලවා ගන්නන් වඩාත් සක්‍රිය තම අසල් වැසියන් අනතුරේ හෙලන බවයි. විවිධ තත්ව යටතේ කළ පර්යේෂණයේදී පෙනී ගියේ සක්‍රීය අසල්වැසියන් සිටිනවිට, මැරුණාක් මෙන් සිටිම දිවිගලවා ගැනීමේ උපක්‍රමයක් ලෙස වඩාත් සාර්ථක වු බවයි.

No comments:

This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help