2008-04-19
දෛනික ජල අවශ්‍යතාව -2
සාමාන්‍යයෙන් දිනකට ජලය වීදුරු 8ක් බීමට අවශ්‍ය බව ඔබ අසා ඇති. එය ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගැනීමට හේතුවනු ඇති බව සාමාන්‍ය මතයයි. නමුත් University of Pennsylvania හි විද්‍යඥයන් සොයාගෙන ඇත්තේ එවැනි මතයක් ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි.
ජලය නොමැතිව දිනකිහිපයකට වඩා මිනිසාට සිටිය නොහැකිමුත් මෙ පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ බොහෝ අඩුවෙනි. එම පර්යේෂණවලින්ද සෞඛ්‍යයට සිදුවන යහගුණ හෙලිනොවේ.
එබැවින් දැනට දිනකට අවශ්‍ය ජල ප්‍රමානය නොදනී!!!
පරිණාමයේ පියා අන්තර්ජාලයේ
ශ්වේත රළ තරණය



ප්‍රථම වරට කිතුල්ගලදී ශ්වේත රළ තරණයට (White Water Rafting - දන්නා වෙන නමක් නොමැති බැවින් යොදා ගතිමි) සහභාගි වූයේ හිතේ ඇතිවු ලොකු චකිතයකුත් සමඟයි. සැඩපහරක කෙසේ වෙතත් නිසල දිය පහරකවත් ඔරුවක් පැද නැති අපට පලමු අත්දැකීම කිසිදා අමතක නොවනු ඇති.
දෙවන වරටත් ශ්වේත රළ තරණයේ යෙදෙද්දී එතරම් බියක් නොදැනුනද එය සැමවිටම නවමු අත්දැකීමක් මෙන් වන බව පෙනින.
පසු ගිය කළ ජීවිත කිහිපයක්ම බිලිගැනීමට තරම් කිතුල්ගල ශ්වේත රළ පහර නොපසුබට වූ බවද අමතක නොකළ යුතුය.
මා ඡායාරූපයේ වම් පස ඉදිරි අසුනේ
වන්දා
නිර්වින්දනය-5
නිර්වින්දනය-4
සෞෂුම්න නිර්වින්දනය යනු මස්තිෂ්ක-සුෂුම්නා තරලයට ඖෂධයක් ඇතුලු කිරීම මඟින් ශරීරයේ කොටසක් පමනක් නිර්වින්දනයට පත් කිරීමයි.
මෙය මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 1888දී, Leonard Corning (1855-1923) විසිනි. එහිදී භාවිතා කළ ඖෂධය වූයේ කොකේන්ය. එය සිදුවුයේ අහම්බයකිනි. නමුත් ඊට දශකයකට පසු 1899දී , Dr. Rudolph Matas විසින් කලින් සැලසුම්කර සෞෂුම්න නිර්වින්දනය ලබා දෙනලදී.
නිර්වින්දනය-3
නිර්වින්දනය-2
නිර්වින්දනය-1
අන්ධ රියදුරන්
GPS තාක්ෂණය අන්ධ ලෙස රථ පැදවීමට භාවිතා කරන රියදුරන් නිසා මහත් අලාභහානි සිදුවන බව පෙනෙන්නට තිබේ.
GPS උපකරණ මතම යැපෙන රියදුරන්, මාර්ග සංඥා ආදිය ගැන අවධානය යොමු නොකිරීම නිසා දේපලවලට මෙන්ම වාහන සහ ජීවිත වලටද බොහෝ තර්ජනයක් එල්ලවී ඇත.
ලංකා දුම්රිය කෞතුකාගාරය
පසුගිය දිනෙක මට අපූරු වෙබ් පිටුවක් හමුවවිය.
ඒ ලංකා දුම්රිය කෞතුකාගාරයයි
මෙරට ගොඩබිම ධාවනය වන බලසම්පන්නම වාහනය (අශ්වබල 2600)
වසර 2000දී පමණ අරඹන්නට ඇතැයි අනුමාන කළහැකි මුත් තවම වැඩ අවසන් නැති සෙයක් පෙනේ.
සිංහල අකුරු සඳහා Images භාවිතාකර ඇත.
නිමකර ඇති ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් පිළිබඳ පිටුවල ඉතා අගනා තොරතුරු රාශියක් ඇත.
වෛරයන් වෛරය නොසන් සිඳේ
වයස වසර 405යි
නියඟලා-2
නියඟලා ශාකයේ ඇති විෂ වන්නේ Colchicineය. එය ඇල්කලොයිඩයකි. එහි මාරාන්තික විෂ මාත්‍රාව වෙනස් විය හැක. විෂවීමේ ලක්ෂණ පැය 6 -12කට පසු ඇතිවේ.
එම ලක්ෂණ නම්,
උදර වේදනාව
ඔක්කාරය/ වමනය
පාචනය
ලේ ගැලීම්
වලිප්පුව (Convulsion)/ අධිමුර්ඡාව (coma)
වහාම රෝගලක්ෂණ සමනය කිරීමට ප්‍රතිකාර කළ යුතුය
මෙය Gout, Familial Mediterranean Fever වැනි රෝග කිහිපයකට ඖෂධයක් ලෙසද භාවිතා කෙරේ
නියඟලා-1
දෛනික ජල අවශ්‍යතාව -1
සෞඛ්‍යමත්ව සිටීමට අප දිනකට ජලය කොපමන ප්‍රමානයක් පානය කල යුතුද?

කරුණාකර ඔබේ පිළිතුර pollඑකේ ලබා දෙන්න. පිළිතුර පසුව...
නිදි මතට තිත.
මුලු රෑම මැරතන් දුවලා නිදිමතේ ඉන්න හැමෝටම ඉතා සුදුසු Gadget ද්වයක් මට හමුවුනා.
මෙම උපකරණ ද්වයේම ක්‍රියාකාරිත්වය බොහෝදුරට සමානයි. ඒවා කණට පිටුපසින් පැලඳියයුතු අතර, හිසෙහි කේණය වෙනස්වු විට, එනම් නිදිකිරා වැටුනු විට ක්‍රියාත්මක වේ.
Wake-up Angel $19.50
තරබාරුවේ විශම චක්‍රය
උදරයේ මේදය ඔබ තවතවත් කුසගිනි කිරීමෙන් එය විශම චක්‍රයක් ලෙස තවතවත් තරබාරුවීමට හේතුවිය හැකි බව University of Western Ontarioහි සිදුකල පර්යේෂණයකින් සොයාගැනේ.
මෙයට හේතුවනුයේ Neuropeptide Y නමැති හෝමෝනයයි.
මොලයෙ පමනක් නිපදවෙතැයි සිතා සිටි මෙය, උදරයේ මේද සෛලවලින්ද නිපදවන බව සොයාගැනේ. උදරයේ මේද සෛල ගුණනය නොවුනද, Neuropeptide Y මඟින් මේද සෛලවල පූර්වග (Precursor) සෛල ගුණනය උත්තේජනය කරයි.
තරබාරුව අඩු කිරීමට
සුනාමිය-2
අවස්ථාව: 2004 සුනාමියෙන් පසු පැවැත්වු සෞඛ්‍ය සායනයක්
ස්ථානය: වේරුගල්
වේරුගල් ආරුහි පාලම් පාරුව

වේරුගල් ආරුහි පාලම් පාරුව (රවුම් කර) Google Map
සුනාමිය-1
2008-04-18
විලෝපික පක්ෂියා
කොණ්ඩ කුරුලු පවුල ඉගිලී ගිය පසුත් මම කුරුලු කුඩුව ගැන අවධානයෙන් පසුවුනේ විලෝපික පක්ෂියා නැවත දිනෙක එනු ඇතැයි බලාපොරොත්තුවෙනි. මට වැඩි දිනක් එසේ සිටීමට සිදු නොවීය.
දිනක කුඩුව දෙසින් ශබ්දයක් ඇසී බැලූ විට ඉතා දැකුම්කලු පක්ෂියෙක් දැකගත හැකිවිය. අලු-නිල් මිශ්‍ර වර්ණයකින් යුතුවිය.
නම:
කුරුලු ගොයා
Shikra
විද්‍යාත්මක නාමය:
Accipiter badius
විලෝපික පක්ෂියෙකි. දකුණු ආසියාවේ හා අප්‍රිකාවේ සහරාවට දකුණෙන් දක්නට ලැබේ.
ප්‍රථම පියාසැරිය
අහෝ
කොණ්ඩ කුරුල්ලන්ගේ මරලතෝනිය ඇහිල ම දුවගෙන එලියට ආවෙ අපේ බළල් තඩියා වැඩකට බැහැල ඇති කියලයි.
කුඩුව ලඟට යනකොටම ලොකු කුරුල්ලෙක් ඉගිලුනා.
යමක් වැටුනු නිසා පරීක්ෂා කරනවිට දුටුවේ කොණ්ඩ කුරුලු පැටවකු බවයි. අනෙක් පැටවුන් දෙදෙනා විලෝපික පක්ෂියා ඩැහැගෙන ගොස් ඇතිබව පෙනේ.
පැටවා ආපසු කුඩුවෙන් තැබුවත් කුරුලු දෙමව්පියන් එදින රාත්‍රියේ කුඩුවට ආවේ නැත. නමුත් උන් දුර සිට විමසිල්ලෙන් සිටිනු පෙනුනි.
කොණ්ඩයා
කුරුලු පැටවු
දිනක් උදෑසන රුකියාවට යාමට සැරසෙද්දී කුරුලු පැටවුන්ගේ කීචි බීචි හඬක් දොරකඩින් ඇසින.
රුකියාවට ගොස් ආපසු පරීක්ෂාකිරීමේදී දැකගන්නට ලැබුනේ කුරුලු කූඩුවක ගුලිවී සිටිනා කුරුලු පැටවු තිදෙනෙකි. කුරුලු කූඩුව කොල අතර හොඳින් සැඟවී තිබින. කඩිමුඩියේ උන්ගේ දෙමව්පියන් උන්ට මාරුවෙන් මාරුවට කෑම කවනු දක්නට ලැබුනි.
ඒ කොණ්ඩ කුරුල්ලන් ජේඩූවකි.
මතු සබැඳි...
ප්‍රතිපූතිකරණය-4
Semmelweis ඔහුගේ සොයා ගැනීම පොතක් "The aetiology, understanding and prevention of childbed fever" (Die Ätiologie, der Begriff und die Prophylaxis des Kindbettfiebers) වශයෙන් 1861දී පලකළේය.
එය හංහංගේරියානු රජය පිළිගත්තද, Viennaහී වෛද්‍යවරුන්ගේ විවේචනයට බොහෝ සේ ලක්විය. Viennese Medical Journalහි කතුවැකියේ "ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් දෑත් සේදිමේ විකාරය නැවැත්විය යුතුයැ"යි සඳහන් විය.
1865දී මානසික රෝහලකදී මහු මරණයට පත්විය.
එක් මහාචාර්යවරයකු හා ඔහුගේ ගෝලබාල පරපුර නිසා වලැක්විය හැකිව තිබු මරණ රාශියක් නිරපරාදේ සිදුවිය. වටිනා සොයාගැනීමක් තවත් වසර 20කින් පමාවිය
ප්‍රතිපූතිකරණය-3
- සියලු දෙනා රෝගීන් පරීක්ෂාවට ප්‍රථම ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් දෑත් සේදිය යුතුය
- සියලු උපකරණ ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවනයකින් සේදිය යුතුය
ප්‍රතිපූතිකරණය-2
Ignaz Philipp Semmelweis, Viennaහි Lying-in රෝහලේ සේවය කරද්දී ඔහු නිරීක්ෂණය කළේ,
- ඔහුගේ ඒකකයේ අනුප්‍රසූතික උණ (Puerperal fever) නිසා වන නවජසූති (neonatal) මරණ අනුපාතිකය 13% වන අතර එම රෝහලේම අනෙක් ඒකකයේ එය 2% පමණි.
- ඔහුගේ ඒකකයේ දරුප්‍රසුති සිදුකළේ වෛද්‍යවරුන් හා වෛද්‍යසිසුන් වන අතර අනෙක් ඒකකයේ වින්නඹුවරියන් විසිනි.
- වෛද්‍යසිසුන් ශවපරීකෂණ (autopsies) කිරීමෙන් අනතුරුව දරුප්‍රසූති සඳහා සහභාගීවන බව.
- ඔහුගේ සගයකු වන Jakob Kolletschka පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුවු කැපීම් තුවාලයකින් මියගියේ ඉහත මරණ වලට සමාන රෝග ලක්ෂණ සහිතවය.
- වීදියේ සිදුවු දරු ප්‍රසූති වල අනුප්‍රසූතික උණ ප්‍රතිශතය ඔහුගේ ඒකකයේ අගය සමඟ සැසඳෙන බව
ප්‍රතිපූතිකරණය-1
රොබෝ වෛද්‍යවරයා
ගැටපදය
තන්තිරිමලේ විහාරයෙහි සීලිමේ තිබු මෙම සිතුවම පසුව දැනගත් පරිදි ගැටපදයකි. මෙහි ඇත්තේ තුණුරුවන් ගුණ කියවෙන ගාථා තුනකි.
ඉන් පලමු ගාථාව හා එහි තේරුම පහත පරිදි වේ.
සංසාර සාරෝඝ විනීත නීසං
සංනීත සාතං සුචිසාර ධීසං
සංධීර කං සොණ්ණ තනූපලාසං
සංලාප දේසිං පන මෙ භිසාසං
සසර නමැති සැඩ පහර හික්මවා නැවැත් වූවාවු,
මනාකොට පමුණුවන ලද, සැප ඇති, අතිශයින් උත්තම වු ප්‍රඥාවක් ඇති,
මනා ධෛර්‍යයක් ඇති, ශරීරය නමැති ස්වර්ණ පාත්‍රයක් ඇති,
උතුම් දහම් දෙසනා නෙලුම් මලක් බඳු බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි
මෙහිම ප්‍රසිද්ධ අනුරුවක් නුවර දළදා මාලිගයෙහි ඇතිබව කියවේ.
Subscribe to:
Comments (Atom)
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help
















